Translate

Monday, January 5, 2015

phone repair 1






               අද ,ජංගම දුරකතනයක් ළඟ නැති පුද්ගලයෙකු සොයාගත නොහැකි තරම්.ඒ තරම් දුරකථනය කියන උපකරණය අපේ ජීවිතයට සමීප වෙලා.ඒත් අපි පාවිච්චි කරන දුරකථනය යම් විදියකින් හානි උනොත්,නැත්නම් කැඩුනොත් අපි කරන්නේ mobile phone repairing කරන තැනක් හොයාගෙන ගිහින්  නැවත  දුරකථනය අලුත්වැඩියා කර ගන්න එක.ඒත් ඉතාම සුළු ගැටළුවක් ඇති දුරකතනයේ බොරු ලෙඩ මවලා අතරමං කරලා phone එකේ ගානටත් වඩා වැඩියෙන් දීලා repair කරනවා.ගොඩාක් අය දුරකථනය පාවිච්චි කරාට එකේ එන ලෙඩ ගැන නිසි අවබෝධයක් නෑ.
 
ඉතින් අපි අද ඉඳලා බලමු කොහොමද කැඩුණු ජංගම දුරකතනයක ලෙඩේ හොයාගෙන ඒකට පිළියම් කරන්නේ කියලා.මේක ලොකු වැඩක් නෙවෙයි.අද ඉඳලා දිග ඇරෙන මේ ලිපි මාලාව හරියට අධ්‍යනය කරොත් කිසිම ගැටළුවක් නැතුව කාර්මිකයෙක් වෙන්නත් පුළුවන්.

ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරි පාඩම් තුලින් මේ දේවල් කියලා දෙන්න.      

1.      දුරකථනය සම්බන්ධයෙන් තිබිය යුතු මුලික දැනුම.

2.      Phone Settings නොගැලපීම් නිසා ඇතිවන දෝෂ හා ඒවා නිරාකරණය කරන අකාරය.

3.      ජංගම දුරකතනයේ දෝෂ සෙවීම හා ඒවා නිරාකරණය.

4.      දුරකතනයේ එන පොඩි පොඩි ගැටළු වලට එන සරල පිළියම්.

5.      ඒ දෝෂ නිරාකරණය කරන පහසුම ක්‍රමයේ සිට සරලව.

6.      Mobile phone Hardware

7.      දුරකතනයක කොටස් වලින් කෙරෙන කාර්යය.

8.      ජංගම දුරකතනයක් නිවැරදිව ගලවා ගන්න ආකාරය.

9.      දුරකතනයේ ඇතිවන දෝෂ හා දුරකතනයේ කොටස් අතර ඇති සම්බන්ධතාවය.

10.  කොහොමද phone circuit map එකක් එක්ක දෝෂ ඇති කොටස් අදුනගෙන ඒවාට පිළියම් කරන්නේ.

11.  කොහොමද IC එකක් නිවැරදිව පාස්සා ගන්නේ.

12.  Mic , ear peace පාස්සා ගැනීම.

13.  mic, ear peace වල දෝෂ සෙවීම.

14.  Display වල දෝෂ සෙවීම,

15.  Display මාරු කිරීම.

16.  Display පාස්සා ගැනීම.

17.  Software පිළිබඳ දෝෂ නිවාරණය.

18.  තවත් බොහෝ දේ තිබෙනවා අපි යමු ඉස්සරහට.



    වැඩේ පටන් ගන්න කලින් අපිට ඕනි වෙනවා මූලික දැනුම ටිකක්.


සාමාන්‍යයෙන් mobile phone එකක මුලික කාර්යය තමයි සන්නිවේදනය,නැත්නම් call එකක් අරන් කතා කරන එක.මේකට අපිට දුරකථනය පැත්තෙන් ගත්තම කොටස් තුනක් සම්පුර්ණ විය යුතුයි.

1. Hardware

2. Software

3. Settings

ප්‍රශ්න වලදී තමයි අපි කාර්මිකයෙක් හෝයාගෙන යන්නේ ඒත් අපිට කාර්මිකයෙක් වෙන්න බැරිකමක්ම නැ.

No comments:

Post a Comment