Translate

Tuesday, February 3, 2015

3rd tutorial





Coil- තරංග හැසිරෙන පරිපථ වලදී  signal frequency පෙරීම හා තරංග වර්ධනය සිදුකරන අතර විදුලිය හැසිරෙන පරිපථ වල fuse මෙන් ක්‍රියාත්මක වේ.


Transistor -ඇතැම් පරිපථ වල වර්ධකයක් ලෙසත් ඇතැම් පරිපථ වල ස්විචයක් ලෙසත් ක්‍රියාත්මක වේ.

මිට අමතරව MIC, Speaker, Display, keypad, camera ,vibrator වගේ අපි දන්නා කොටස් තියනවා.ඒවාගේ අවශ්‍යතාවයන් නම් අපි දන්නවා නේ. 

දැන් අපි බලමු අලුත්වැඩියා කරන ස්ථානයක් සකසා ගන්නා ආකාරය.

සාමාන්‍යයෙන් අපි ඔය දකින විදියට හැම තැනකම ඉඳලා Phone එකක් Repair කරන්න,phone එකක් ගලවන්න බැහැ. එකට හේතුවක් තියනවා....

E.S.D (Electro Static Discharge)

ඒ කියන්නේ ස්ථිති විද්‍යුත් විසර්ජන ,ඔයාලා ඉස්කෝලේ යන කලේ ඉගෙන ගෙන ඇති මේ ගැන.සාමාන්‍යයෙන් යම් කිසි කොටස් 2ක් එකිනෙකට ගැටෙන විට ඇතිවන ඝර්ශනය නිසා ESD ඇති වේ.

මේ ESD ඇති වීම නිසා දුරකථනය ගැලවීමට පෙර නොතිබුන දෝෂ නැවත සවි කල පසු ඇති විය හැක.මීට හේතුව දුරකතනයේ පරිපථය ඉතා සියුම් වන නිසාය.


එසේ නම් දුරකතනයක් ගැලවිය යුතු පරිසරයක් අපි හදා ගන්න ඕනි.මේක ඉතාම සරල ක්‍රමයක්. .(මෙය විශාල ගැටළුවක්ම නෙවෙයි. එත් තරමක් වටිනා දුරකථන අලුත්වැඩියා කරන විට සිදුවන ගැටළු අඩු කර ගැනීම සිදු විය යුතුය.)


ESD වලින් වැළකී දුරකථනය අලුත්වැඩියා කර ගැනීමට මේසය පහත පරිදි සකසා ගන්න.




මෙහිදී මේසය සකසා earth කරන විට නිවසේ plug එකේන් earth කරන්න.හැබැයි.ගෙදර හොඳ earth කරලා තියෙන්න ඕන.එහෙම කරලා නැත්නම් මෙසේ ඉඳලා එලියට තඹ වයර් එකක් ඇදලා මේසය earth කර ගන්න.
අපි ගොඩාක් වෙලාවට තඹ වගේ කම්බි පාවිච්චි කරන්නේ ඒවා හොඳ විද්‍යුත් සන්නායක නිසා.


තවත් දෙයක්,අපි දුරකථනය අලුත්වැඩියා කරන්න හදා ගන්න තැනට හොඳට වාතය තියෙන්න ඕන.

අපිට දුරකතනයක් අලුත්වැඩියා කරන කොට අවශ්‍ය වෙන උපකරණ ගැන ඊළඟට කතා කරමු.