Translate

Tuesday, February 3, 2015

3rd tutorial





Coil- තරංග හැසිරෙන පරිපථ වලදී  signal frequency පෙරීම හා තරංග වර්ධනය සිදුකරන අතර විදුලිය හැසිරෙන පරිපථ වල fuse මෙන් ක්‍රියාත්මක වේ.


Transistor -ඇතැම් පරිපථ වල වර්ධකයක් ලෙසත් ඇතැම් පරිපථ වල ස්විචයක් ලෙසත් ක්‍රියාත්මක වේ.

මිට අමතරව MIC, Speaker, Display, keypad, camera ,vibrator වගේ අපි දන්නා කොටස් තියනවා.ඒවාගේ අවශ්‍යතාවයන් නම් අපි දන්නවා නේ. 

දැන් අපි බලමු අලුත්වැඩියා කරන ස්ථානයක් සකසා ගන්නා ආකාරය.

සාමාන්‍යයෙන් අපි ඔය දකින විදියට හැම තැනකම ඉඳලා Phone එකක් Repair කරන්න,phone එකක් ගලවන්න බැහැ. එකට හේතුවක් තියනවා....

E.S.D (Electro Static Discharge)

ඒ කියන්නේ ස්ථිති විද්‍යුත් විසර්ජන ,ඔයාලා ඉස්කෝලේ යන කලේ ඉගෙන ගෙන ඇති මේ ගැන.සාමාන්‍යයෙන් යම් කිසි කොටස් 2ක් එකිනෙකට ගැටෙන විට ඇතිවන ඝර්ශනය නිසා ESD ඇති වේ.

මේ ESD ඇති වීම නිසා දුරකථනය ගැලවීමට පෙර නොතිබුන දෝෂ නැවත සවි කල පසු ඇති විය හැක.මීට හේතුව දුරකතනයේ පරිපථය ඉතා සියුම් වන නිසාය.


එසේ නම් දුරකතනයක් ගැලවිය යුතු පරිසරයක් අපි හදා ගන්න ඕනි.මේක ඉතාම සරල ක්‍රමයක්. .(මෙය විශාල ගැටළුවක්ම නෙවෙයි. එත් තරමක් වටිනා දුරකථන අලුත්වැඩියා කරන විට සිදුවන ගැටළු අඩු කර ගැනීම සිදු විය යුතුය.)


ESD වලින් වැළකී දුරකථනය අලුත්වැඩියා කර ගැනීමට මේසය පහත පරිදි සකසා ගන්න.




මෙහිදී මේසය සකසා earth කරන විට නිවසේ plug එකේන් earth කරන්න.හැබැයි.ගෙදර හොඳ earth කරලා තියෙන්න ඕන.එහෙම කරලා නැත්නම් මෙසේ ඉඳලා එලියට තඹ වයර් එකක් ඇදලා මේසය earth කර ගන්න.
අපි ගොඩාක් වෙලාවට තඹ වගේ කම්බි පාවිච්චි කරන්නේ ඒවා හොඳ විද්‍යුත් සන්නායක නිසා.


තවත් දෙයක්,අපි දුරකථනය අලුත්වැඩියා කරන්න හදා ගන්න තැනට හොඳට වාතය තියෙන්න ඕන.

අපිට දුරකතනයක් අලුත්වැඩියා කරන කොට අවශ්‍ය වෙන උපකරණ ගැන ඊළඟට කතා කරමු.

Tuesday, January 27, 2015

2nd tutorial



 දුරකථන අලුත්වැඩියාවට කලින් අපිට ඕනි මුලික දැනුම ටිකක්.





මොකද්ද මේ IMEI අංකය කියන්නේ,

 අන්තර් ජාතික ජංගම දුරකථන අනන්යතාවය,මේක යොදා ගන්නේ ජංගම දුරකතනයේ අනන්යතාවය තහවුරු කරගන්න.ඒත් අපිට පුළුවන් මේ අංකය යොදාගෙන දුරකතනයේ ගැටළු හොයා ගන්නත් යොදාගන්න පුළුවන්.සාමාන්යයෙන් ජංගම දුරකතනයක  මේ IMEI අංකය තිබිය යුතුම අතර එය නැත්නම් එම දුරකථනය නියමිත  ප්රමිතියට සැකසුවක් නොවේ.*#06# ගහපු ගමන් අපිට මෙම අංකය බලා ගන්න පුළුවන්.දැන් අලුතින් එන බොහොමයක් Chainese Phone වල මෙම IMEI අංකය නැහැ.ඉතින් කියන්න තියෙන්නේ වගේ Phone එකකට නම් ඇත තියන්න වත් එපා.මේකේ දුරකථන අලුත්වැඩියා කරනකොට වැදගත් වෙන අවස්ථා 2ක් තියනවා!
                        1.නැති වූ දුරකථනයක් සොයාගැනීම.
                        2.අලුත්වැඩියාවේදී ඇතිවන අපහසුතා මඟහරවා ගැනීමට.
(මේ සම්බන්ධයෙන් අපි පසුව කතා කරමු.)



අපි බලමු දුරකතනයකින් ඇමතුමක් ගැනීමේදී සිද්ද වෙන්නේ මොකද්ද කියලා.

ජංගම දුරකතනයක දුරකථන ඇමතුමක් ලබා ගැනීමේදී signal වල සහය පැතීම අවශ් වෙනවා.මෙහිදී විද්යුත් චුම්බක තරංග යොදා ගැනෙන අතර ලැබෙන තරංගය Rx(Reserved X way) ලෙස හඳුන්වන අතර ගන්ගම දුරකතනයේ සිට දුරකථන ග්රාහක කුලුනට යන තරංගය Tx (Transfer X way)ලෙස හඳුන්වනු ලැබේ.

            අපි අපිට අවශ්‍ය දුරකථන අංකය dial කල සැනින් අපේ දුරකතනයේ සිට Tx තරංගයක් කුලුනට ගමන් කරලා අපේ දුරකථන සම්බන්ධතාවයට අදාළ සමාගමේ සේවා පරිඝනකයකට ඇතුල් වන අතර එමගින් අදාළ අංකය විශ්ලේෂණය කර දුරකථන අංකයට අදාළ දුරකතනයට තරංගයක් යවනු ලැබේ.එම දුරකතනයෙන් අදාළ signal එක ලැබුන ගමන් අනික් පැත්තට ආයත් signal එකක් එවනවා.කලින් ගිය මාර්ගය ඔස්සේම  signal එකත් අපේ දුරකතනයට ලැබෙනවා Rx තරඟයක් විදිහට.මේක මම සරල කරලා කිව්වට ඉතාම සංකීර්ණ කටයුත්තක්, උනාට සිද්ද වෙන්නේ තත්පරයටත් අඩු කාලයකදී. පහත රූපයයෙන් ගැන අදහසක් ගන්න පුළුවන්.

 





තව ඔයාලට දැනගන්න දේවල් තියනවා නම් Comment එකක් දාන්න.

                            හොඳයි.දුරකථනය ඇතුලේ සිද්ද වෙන ක්රියාවලිය ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන්න ඕනි Hardware ගැන දැනුමක්.අපි ක්රමානුකුලව ඉගෙන ගනිමු.


                         ජංගම දුරකතනයක් ගලවා බැලූ අයෙක් දන්නවා මේකේ තියන කොටස් මොනවාද කියලා,ඒත් දන්නේ නැතුව ඇති මොන මොන දේවල්ද සිද්ද වෙන්නේ කියලා.අපිට mobile phone එකෙන් කරන්න පුළුවන් හැම ප්රාතිහාර්යකම අවශ් වෙන කොටස් අපි සලකා බලමු.


1.      IC ( සංගෘහිත පරිපථ) 

           නියමිත කාලයකට හා ප්රමාණයකට අනුව විශේෂිත කාර්යයන් කිහිපයක් තනිව සිදුකල හැකි පරිපථයකි.

ජංගම දුරකතනයක එක එක ජාතියේ IC තියනවා.ජංගම දුරකතනයක සියලුම ක්රියා පාලනය කරන්නේ මේ IC යොදාගෙන.දැන් අපි එකින් එක සලකා බලමු.ප්රධාන වශයෙන් වර්ග තුනක් සලකා බලනවා,
Pin IC-මේවාගේ තියෙන්නේ පින්.කිහිප වතාවක් උනත් පාස්සා ගත හැක.ගොඩාක් තියෙන්නේ පරණ දුරකථන වල.





Path IC මෙම IC වර්ග දෙක නැවත නැවතත් කිහිප වාරයක් වුවත් පාස්සා ගත හැක.බොහෝ විට තවත් දුරකතනයකින් ගලවා පාස්සා ගත හැක්කේ මෙම IC දෙවර්ගයයි.





Micro Ball Grid Array(MBGA)-වර්තමානයේ භාවිතා වන තාක්ෂණයෙන් දියුණුම IC එක මෙය වේ.බිම වැටීමෙන් ,වතුර යාමෙන් පහසුවෙන් හානි විය හැක.නැවත නැවත පෑස්සිය නොහැක.ඊට හේතුව තමයි,මේ IC පාස්සන්න තියෙන්නේ කුඩා ඊයම් බෝල.එක වතාවක් ගැලවුවට පස්සේ මේ ඊයම් බෝල ඉවත් වෙනවා. නිසා නැවත පාස්සන්න බැහැ.


 දැන් අපි සලකා බලමු ජංගම දුරකතනයක භාවිතා වන IC ගැන.

1. Antenna Switch- RX සම්බන්ධ කර ගැනීම හා TX පිට කිරීම සිදු කරයි.හානි වීමෙන් සම්පුර්ණයෙන්ම හෝ එක් සංඛ්යාත පරාසයකට අයත් සිම් වලට පමණක් සිග්නල් නැති වීම සිදුවේ.Path IC එකකි.

2. R.F. Processor - මේ IC එක තමයි signal පරිපථයේ ප්රධානියා, වගේම Phone එක on වීමට අත්යාවශ්යම කොටසකි.ඇතුලට සිග්නල් පාලනය කරයි.

3. Power Amp- ඔන්න,phone එක ඇතුලෙත් තියනවා  Power Amp එකක්.මේකෙන් කරන්නේ පිටතට යන තරංග අවශ් තරමට වර්ධනය කරනවා.මොකද අපේ Phone එකේ ඉඳලා Tower එකට ගමන් කරන්න තරම් Signal එක Powerful වෙන්න ඕන.එතකොට හිතා ගන්න phone එක කෝට්ටේ යට තියාන නිදා ගන්න එක කොචර අවදානමද කියලා.

4. Filters- දැමු SIM එකට අදාළ signal එක පෙරීම සිදුකරයි.

5. Crystal –RF IC හා audio IC අතර සම්බන්ධතාවය පවත්වා ගනී.

6. V.C.O- Voltage control Oscillator පැරණි දුරකථන වල භාවිතා විය.නව දුරකථන වල භාවිතා නොවනතර RF IC එකට සම්බන්ධව පවතී.path ic එකකි.

7. Power IC -දුරකථනය ඇතුලත සාම තැනටම අවශ් පරිදි විදුලිය බෙදාහැරීම සිදු කරයි.

8. Audio IC -ශබ්ද සම්බන්ධ සියලු කටයුතු පාලනය කරයි.

9. CPU දුරකතනයේ මොලය ලෙස හැදින්විය හැක.දුරකථනය ඇතුලත සියලු විධි විධාන පාලනය කරයි.දුරකථනය ON වීමට අත්යාවශ්යය.MBGA IC එකකි.

10. ROM –Software එක මෙම IC එක තුල තැන්පත් වේ. MBGA IC එකකි.

11. RAM (Phone Memory)-තාවකාලික දත්ත මෙය තුල තැන්පත් වේ.

12. Keypad IC - Keypad සම්බන්ධ සියලු කටයුතු පාලනය කරයි.

13. Sim IC –Sim එකක් දැමු බව හඳුනා ගනී. MBGA IC එකකි.

14. LCD Light IC (Display light IC)-Display හා Keypad බල්බ පාලනය කරයි.

15. Bluetooth IC – Bluetooth සම්බන්ධ සියලු කටයුතු පාලනය කරයි.

අලුතින් එන දුරකථන වල මේ IC ඇති නැති බව හා අඩු වැඩි වීම් සිද්ද වෙනවා.එත් මූලිකම IC ටික තමයි මේ ටික.
අපි නැවත තවත් කොටසකින් හමු වෙමු.

ඔයාලා මේකෙන් දෙයක් ගත්තා නම් මතක ඇතිව Comment එකක් දාලා යන්න.